May 05, 2024

චෙන්නායි සුපර් කිංග්ස් ජය ගනී 

චෙන්නායි සුපර් කිංග්ස් සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම් අතර ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ 21 වැනි තරගය ඊයේ පැවැත් විය.

එම තරගයෙන් ලකුණු 34 කින් ජය ගැනීමට චෙන්නායි කණ්ඩායම සමත් විය.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තරගය පන්දු වාර 17 කට සීමා වූ අතර පළමුවෙන් පන්දුවට පහර දුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දු වාර 17 අවසානයේ කඩුළු 03 ක් දැවී ලකුණු 148 ක් රැස් කළහ.

ඊට පිළිතුරු වශයෙන් කොල්කටා කණ්ඩායම පන්දු වාර 17 තුළ දී කඩුළු 09 ක් දැවී ලබා ගත්තේ ලකුණු 114ක් පමණි.

Rate this item
(0 votes)