May 16, 2024

සෞදියේ ලාංකිකයන්ගේ ක්‍රිකට් තරඟය සිකුරාදා

සෞදි   අරාබියේ   නැගෙනහිර   පළාතේ   අල්  හසා   ප්‍රදේශයේ  ශ්‍රි  ලාංකිකයන්ගෙන්   සැදුම්ලත්   “ෆ්‍රෙන්ඩ්ස්  ක්‍රිකට්  සමාජය” මගින්   සංවිධානය  කරන  මහා   ක්‍රිකට්   තරඟාවලිය   මෙම මස  27  වැනි   සිකුරාදා     පෙරවරු  හයේ  සිට  හෆුෆ් ක්‍රිඩාංගණයේ  දී   පැවැත්විමට  නියමිතය.

 පන්දුවාර  අට බැගින් ශ්‍රී ලාංකිකයින්ගෙන්  සැදුම්ලත්   ක්‍රීඩා   කණ්ඩායම්   අටක් මෙහි තරගකරනු ඇති.  සංවිධායක  මණ්ඩලය  සඳහන් කරන්නේ සම්පුර්ණයෙන්ම  නොමිලේ  මෙම තරඟාවලිය   නැරඹිය  හැකි බවය. 

 

Rate this item
(0 votes)