May 04, 2024

ගැටුමකින් කෙළවර වූ පාසල් කි‍්‍රකට් තරඟය (video)

ඩී.එස්.සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර  කොළඹ එස්.එස්.සී ක‍්‍රීඩාංගණයේ 22 වැනිදා පැවති පාසල් කි‍්‍රකට් තරඟය අතරතුර ඇති වූ ගැටුමකින් පාසල් සිසුන් ඇතුළු 7 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
 
ඇති වූ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් කැරළි මර්දන ඒකකය ද කැදවීමට සිදුවූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කරයි.
 
ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොළඹ මහානාම විද්‍යාලය නියමිත පන්දු වාර 50 අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 175ක් රැස් කර තිබුණි.
 
පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි ඩී.එස්. සේනානායක විද්‍යාලය පන්දු වාර 40යි පන්දු 1කදී කඩුලූ 4ක් පමණක් දැවී ලකුණු 175ක් රැස් කරගෙන සිටින අවස්ථාවේදී මහානාම විද්‍යාලයේ ක‍්‍රීඩාලෝලීන් සහ සිසුන් පිටියට පිවිස තරඟයට බාධා එල්ල කර තිබේ.
 
එම අවස්ථාවේදී පාසල් දෙකෙහිම ක‍්‍රීඩාලෝලීන් අතර උණුසුම් තත්ත්වයක් හට ගත් අතර එහිදී පොලිස් කණ්ඩායම් යොදවා එම තත්ත්වය පාලනය කර ඇත.
 
කෙසේ වෙතත් අවසානයේ තරඟ තීරකවරුන් ජයග‍්‍රහණය කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයට ලබාදීමට කටයුතු කර තිබුණි.   
Rate this item
(0 votes)
Last modified on Monday, 23 March 2015 14:39