May 04, 2024

ඕස්ටේ‍්‍රලියාවට ලකුණු 213 ඉලක්කයක්

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය ලෙස  ඕස්ටේ‍්‍රලියාව සහ පාකිස්තානය අතර අද (20) ඇඩිලේඩ් ඕවල් කී‍්‍රඩාංගණයේ දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය  ඕවර 45.5 අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 213 ලබාගත්තේය.
 
තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 109 කදී ලකුණු 73 ක සම්බන්ධතාවක් ගොඩනැගූ හැරිස් සොහේල් (41) සහ මිස්බා උල් හක් (34) පාකිස්තාන පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
 
ග්ලේන් මැක්ස්වෙල්ගේ පන්දුවක් හමුවේ ඒරන් ෆින්ච් අතට උඩ පන්දුවක් දෙමින් මිස්බා උල් හක් දැවීයාමත් සමග එම සම්බන්ධතාව බිඳ වැටිණ.
 
පන්දු 15 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් වේගවත් ලකුණු 23 ක් ලබාගැනීමට සහිඩ් අෆ්රිඩි සමත් විය.
 
මුලූ ලකුණු සංඛ්‍යාව 24 ක් වන විට පාකිස්තාන පිලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාවම ආපසු කී‍්‍රඩාගාරයට හරවා යැවීමට  ඕස්ටේ‍්‍රලියානු වේගපන්දු යවන්නෝ සමත් වූහ.
 
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජොස් හෙසල්වුඩ් ලකුණු 35 කට කඩුලූ 4 ක් දවාගනිමින් පාකිස්තාන පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළේය.
 
Rate this item
(0 votes)