May 04, 2024

රාජස්ථාන් හා පන්ජාබ් ජයගනී

ඉන්දීය පි‍්‍රමියර්ලීග් තරඟාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර පැවති පළමු තරඟයෙන් රාජස්ථාන් කණ්ඩායම ජය ගැනීමට සමත් විය.

ඒ අනුව ඉන්දීය පි‍්‍රමියර්ලීග් තරඟාවලියට අදාලව තවත් තරඟ දෙකක් ඊයේ (26) පැවත්විණි.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දු වාර 15 කදී සියලූදෙනා දැවී ලකුණු 70 ක් ලබාගත් අතර පන්දු වාර 13 කදී කඩුලූ 4 ක් පමණක් දැවී ලකුණු 71 ක් ලබා තරඟය ජයග‍්‍රහණය කිරීමට රාජස්ථාන් කණ්ඩායම සමත්විය. 

ඊයේ දෙවන තරඟය ලෙස කිංග්ස් ඉලෙවන් පන්ජාබ් සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර පැවත්විණි. එහිදී එම තරගය ලකුණු 23 කින් ජයගැනීමට පන්ජාබ් කණ්ඩායම සමත්වුණා.  

Rate this item
(0 votes)