May 04, 2024

ශ්‍රී ලංකාවට ප්‍රබල පීඩනයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය මේ වන විට ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සිඩ්නිහිදී පැවැත්වේ.
 
කාසියේ වාසිය හිමි කර ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 ක් බිඳ වැටී ලකුණු 114ක් රැස් කර සිටී.
 
ලහිරු තිරිමාන්න (ලකුණු 41), කුසල් ජනිත් පෙරේරා (ලකුණු 3) සහ තිලකරත්න ඩිල්ෂාන් (ලකුණු 0) ඇන්ජලෝ මැතිවුස් (ලකුණු 19)න් ද දැවී ගියහ.
 
මේවන විට කුමාර් සංගක්කාර මන්දගාමී ලෙස ඉනිම ගොඩ නැගමින් සිටී.
 
ඔහු මේ වන විට පන්දු 86 කට මුහුණ දෙමින් රැස් කර ඇත්තේ ලකුණු 33 ක් පමණි.
 
Rate this item
(0 votes)