May 04, 2024

හෙට තරඟයට මුහුණ දෙන්නේ මෙහෙමයි/ ‘මුත්තයියා’ලංකා පිළට කියයි

ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරඟය හෙට (18) පැවැත්වීමට නියමිතය.

මෙම තරඟය පිළිබඳව සිය සමාජ ජාල පිටුවේ සටහනක් තබමින් ශ්‍රී ලංකා පිලේ සිටි දක්ෂතම දඟපන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන් අදහස් දෙකක් ප්‍රකාශ කර තිබේ.
ඔහු එහි සඳහන් කර ඇත්තේ දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන තරඟයට සහභාගී වන ශ්‍රී ලංකා පිළට පණිවුඩ 2ක් ලබාදීමට ඇති බවය. ඉන් එකක් වන්නේ නායක ඇන්ජලෝ මැතිව්ස් කෙසේ හෝ කාසියේ වාසිය දිනාගත යුතු බවය.
එමෙන්ම දකුණු අප්‍රිකානු පිළේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන ඩිවිලියර්ස් පිළිබඳව කළබල නොවන ලෙසත් ඔහු එහි සඳහන් කර ඇත.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 17 March 2015 11:24