May 04, 2024

‘රන් සටන’ 13 සහ 14 දෙදින

මොරටුව වේල්ස් කුමර විදුහල සහ ශාන්ත සෙබස්තියන් විදුහල අතර 65 වැනි ‘රන් සටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය මේ මස 13 සහ 14 දෙදින මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
 
මෙම මහා ක‍්‍රිකට් තරගයේ මේ දක්වා පවත්වා ඇති අතර 64 දී වේල්ස් කුමර විදුහල තරග 6 ක් ජය ලබා ඇති අතර ශාන්ත සෙබස්තියන් විදුහල තරග 3 ක් ජය ලබා තිබේ. 
 
ඉතිරි තරග විසදුමකින් තොරව අවසන් වී තිබේ.
 
වේල්ස් කුමර විදුහල අවසන් වරට 1977 වසරේ පෙම්ලාල් ප‍්‍රනාන්දුගේ නායකත්වය ජය ලබා ඇති අතර ශාන්ත සෙබස්තියන් විදුහල 2011 වසරේ සනිත ද මෙල්ගේ නායකත්වයෙන් අවසන් වරට ජය ලැබීය.
 
මෙවර වේල්ස් කුමර විදුහලේ නායකයා ලෙස ජයංග පීරිස් ද, ශාන්ත සෙබස්තියන් විදුහලේ නායකයා ලෙස විසල් සේනානායක ද, කටයුතු කරති.
 
මෙවර ශාන්ත සෙබස්කතියන් විදුහලේ ප‍්‍රබලතම ක‍්‍රීඩකයා ලෙස ශ‍්‍රී ලංකා වයස 19 න් පහළ සංචිතය නියෝජනය කළ දග පන්දු යවන තිලාන් නිමේෂ් හැදින්විය හැකිය.
 
විහග වීරක්කොඩි (476), නායක ජයංග පීරිස් (410) සහ සදුන් චාමික (400) මෙවර වේල්ස් කුමර විදුහල් පිතිකරු ලැයිස්තුව ශක්තිමත් කරන ප‍්‍රබල පිතිකරුවෝ වෙති.
 
ශ‍්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ ප‍්‍රබල පිතිකරු අවිෂ්ක ප‍්‍රනාන්දු මෙවර මහ ක‍්‍රිකට් තරගයේදී ශාන්ත සෙබස්තියන් විදුහලේ ප‍්‍රබලතම චරිතය බවට පත්ව තිබේ. 
 
අවිෂ්ක මෙම තරග වාරයේ ලකුණු 1000 ක් සම්පූර්ණ කළ පළමු ක‍්‍රීඩකයා බවට පත්වෙමින් මේ වන විට ශතක 5 ක් සමගින් ලකුණු 1086 ක් රැස්කිරීමට සමත්ව සිටියි.
 
 
Rate this item
(0 votes)