May 04, 2024

ලෝක කුසලාන තරඟාවලියේ තවත් ජයක් ලංකාවට

ස්කොට්ලන්තයට එරෙහිව පැවැති ලෝක කුසලාන තරගය ලකුණු 148 කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය.

ලකුණු 364 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ස්කොට්ලන්ත කණ්ඩායම ලකුණු 215 කට සීමා කරමින් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ මෙම ජයග්‍රහණය සිය පිළට හිමි කර දුන්හ.

සංගා හා ඩිල්ෂාන් ශතක රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළහ. පන්දු යැවීමෙන් දුෂ්මන්ත චමීර හා නුවන් කුලසේකර කඩුලු තුන බැගින් දවා ගත්හ.

Rate this item
(0 votes)