May 04, 2024

සංගා කඩුල්ල පිටුපස දාවා ගැනීම්වලිනුත් වාර්තාවක් තබයි

කුමාර් සංගක්කාර කඩුල්ල පිටුපස සිට 53 වැනි දවා ගැනීමට දායකවෙමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩකයෙකු වූ ඇඩම් ගිල්ක්‍රිස්ට් විසින් පිහිටුවා තිබූ වාර්තාවක් මීට ටික වේලාවකට පෙර බිඳ හෙළීය.

එනම් ලෝක කුසලාන තරඟවලදී කඩුල්ල පිටුපස සිට දවා ගැනීම් 52 ට දායකවෙමින් ගිල්ක්‍රිස්ට් මීට පෙර වාර්තාවක් තබා තිබුණි.

සංගක්කාර විසින් එසේ දවා ගැනීමට දායක  වූයේ ස්කොට්ලන්ත කණ්ඩායමේ මයිකල් ලීක්ස්ගේ කඩුල්ලය.

එසේම කුමාර් සංගක්කාර එක්දින තරඟ 403 දී ඉනිම 352 දී උඩපන්දු 383 ක් කඩුල්ල බිඳදැමීම් 99 ට දායකවෙමින් වැඩිම දවා ගැනීම් සංඛ්‍යාවකට ද දායකත්වය දුන් කඩුලු රකින්නා ලෙස එම නාමාවලියේ පළමු තැන හිමිකරගෙන සිටියි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 11 March 2015 17:25