May 04, 2024

A කාණ්ඩයෙන් එංගලන්තය හැලේ - ලංකාවට තවමත් අවස්ථාව

බංග්ලාදේශ කණ්ඩායම හමුවේ ලද පරාජයත් සමගින් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඒ කාණ්ඩය යටතේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු එංගලන්තයෙන් අද ගිළිහී ගියේය.

ඒ අනූව ඒ කාණ්ඩයෙන් නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය මීළඟ වටයට පිවිසීමට සුදුසුකම් ලබාගැනීමට සමත්ව තිබේ.

අද තරඟයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 7ට ලකුණු 275 ක් ලබාගත් අතර එංගලන්තයට ලබාගත  හැකිවුයේ පන්දුවාර 48.3 දී ලකුණු 260 ක් පමණි.

ශ්‍රී ලංකාව සහභාගි වන මීළඟ තරඟය ලබන 11 වැනිදා පැවැත්වීමට නියමිතය.

Rate this item
(0 votes)
Last modified on Monday, 09 March 2015 20:21