May 04, 2024

අගෝස්තුවේදී සංගා ටෙස්ට් ක‍්‍රීඩාවෙන් සමුගනී

ලෝක කුසලාන තරගාවලියෙන් පසුව එක්දින පිටියට සමුදීමට සූදානමින් සිටින ශ්‍රි ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර අගෝස්තු මස අවසානයේදී ටෙස්ට් ක්‍රිකට් පිටියටත් සමුදීමට තීරණය කර තිබේ.

ලබන අගෝස්තු මාසයෙන් පසු ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් සමුගන්නා බව කුමාර් සංගක්කාර ඕස්ටේ‍්‍රලියාව සමග සිඩ්නි නුවර ඊයේ (08) පැවති තරඟයෙන් අනතුරුව මාධ්‍ය වෙත ප‍්‍රකාශයක් ලබාදෙමින් මේ බව සඳහන් කර ඇත. 

ලබන ජූනි මාසයේ ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලියක් පැවැත්වීමට නියමිත අතර කුමාර් සංගක්කාර පවසන්නේ මෙය තම ටෙස්ට් ක‍්‍රිකට් දිවියේ අවසන් තරඟාවලිය බවයි. 

මෙම ලෝක කුසලාන තරඟාවලියෙන් පසු කුමාර් සංගක්කාර ජාත්‍යන්තර එක්දින පිටියෙන් ද සමුගැනීමට නියමිතව තිබේ. 

 

Rate this item
(0 votes)