May 04, 2024

අපරාජිත බව රැක ගත් ඉන්දියානුවෝ

ඉන්දීය කණ්ඩායම විසින් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම කඩුලු 04 කින් පරාජය කරමින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිය අපරාජිත බව ඊයේ (06) රැකගනු ලැබී ය.
 
ඒ අනුව ඉන්දීය කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ දී ක්‍රීඩා කර තරග 04ම ජයගෙන සිටී.
 
පර්ත්හි දී පැවති එම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 44 යි පන්දු 2 ක් අවසානයේ සියළු දෙනා දැවී ලකුණු 182 ක් රැස් කළහ.
 
පන්දුවාර 25 තුළ කොදෙව් ඉනිමේ කඩුලු 07 ක් ලකුණු 85 ක් තුළ දැවී ගියේ ය. 09 වැනි පිතිකරුවා ලෙස පිටියට පැමිණි නායක ජේසන් හෝලඩර් ලකුණු 57 ක් රැස් කළේ ය.
 
මෙහොමඩ් සමී පන්දුවාර 08 කදී ලකුණු 35 කට කඩුලු තුනක් දවා ගත් අතර උමේෂ් යාදේව් හා රවින්ද්‍ර ජඩේජා අතර කඩුලු 02 බැගින් බෙදී ගියේ ය.
 
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසියේ ඉන්දිය කණ්ඩායමේ පළමු කඩුලු 03 ලකුණු 63 ක දී දැවී ගියේ ය.
 
රෝහිත් ශර්මා ලකුණු 07 කට දැවී ගිය අතර විරාත් කෝලී ලකුණු 33ක් ලබා ගත්තේ ය. පන්දුවාර 39යි පන්දු 01ක් අවසානයේ දී කඩුලු 06ක් දැවී තිබිය දී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ.
Rate this item
(0 votes)