May 04, 2024

හෂීම් අම්ලාගෙන් වාර්තාවක්

අඩු ම එක්දින තරග සංඛ්‍යාවකදී ශතක 20ක් රැස් කළ එකම පිතිකරුවා බවට පත්වීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක හෂීම් අම්ලාට අද (03) හැකිවිය.
 
ලෝක කුසලාන තරගාවලියේ අද (03) අයර්ලන්තය සමග පැවති තරගයේ දී ඔහු මෙම වාර්තාව පිහිටුවා තිබේ.
 
සිය 108 වන එක්දින ක්‍රිකට් තරගයට සහභාගි වූ හෂීම් අම්ලා එහිදී පන්දු 128කදී ලකුණු 159ක් රැස් කළේ ය.
 
මේ වන විට ඔහුගේ එක්දින ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 57.05ක් වන අතර ලකුණු රැස් කිරීමේ වේගය 89.59කි.
 
Rate this item
(0 votes)