May 02, 2024

ඔස්ට්‍රේලියා තරගයට හේරත් නෑ ?

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර එළඹෙන 08 වැනිදා සිඩ්නි පිටියේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත්ගේ සහභාගීත්වය අවිනිශ්චිත බව වාර්තා වේ.
 
ඒ එංගලන්තය සමග පැවති තරගයේදී ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි. 
 
රංගන හේරත් යොමුකළ පන්දුවට ජොස් බට්ලර් වේගයෙන් එල්ල කළ පහරක් උඩපන්දුවක් ලෙසින් ඔහු දෙසට පැමිණි අතර එය රැකගැනීමට උත්සාහ කිරීමේදී ඔහු පන්දුව යොමුකරන වම් අත ආබාධයකට ලක්විය.
 
Rate this item
(0 votes)