May 02, 2024

මහේලට මග හැරුණු උඩ පන්දුව නිසා ජෝ රූට් ලංකාවට දැවැන්ත ඉලක්කයක් දෙයි

ශ්‍රී ලංකාව සහ එංගලන්තය සමග පැවැත්වෙන තරගය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 310 ක දැවැන්ත ඉලක්කයක් හිමිවී තිබේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය නවසීලන්තයේ වෙලිංටන්හිදී පැවැත් වෙයි. මෙහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ජෝ රූට් පන්දු 108 කදී ලකුණු 121ක් ලබා ගත්හ. ඊට හතරේ පහර 14 ක් සහ හයේ පහර 2 ක් අතුළත් විය.

අවසන් පන්දුවාර 10 දී එංගලන්ත කණ්ඩායම ලකුණු 106 ක් ලබා ගැනිම දක්නට ලැබුණි.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ජොස් බට්ලර් පන්දු 19 කදී ලකුණු 39 ක් ලබා ගත්තේය. ඊට හතරේ පහර 6 ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.

සිය 4 වන ශතකය ලබාගත් ජෝ රූට් ලකුණු 2 දී ලබාදුන් උඩ පන්දුවක් මහේල ජයවර්ධන අතින් අද ගිලිහී යාමක් දක්නට ලැබුණි. නායක ඉයන් මෝගන් ලබාගත් ලකුණු ගණන 27කි.

තරගයේ 49 වෙනි පන්දුවාරය ක්‍රියාත්මක කරමින් සිටි රංගන හේරත්ගේ අතේ ඇඟිල්ලක පන්දුව වැදීම නිසා ආබාධයකට ලක්විය.අනතුරුව හේරත් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව ගියේය.

Rate this item
(0 votes)