May 02, 2024

නවසීලන්තයට තියුණු ජයක්

February 28, 2015
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර පැවති තරගයෙන් නවසීලන්තය තියුණු ජයක් වාර්තා කර තිබේ.
 
මෙම තරගයේ ජයග්‍රහණය සමග A කාණ්ඩයේ පෙරමුණ හිමි කර ගැනීමට නවසීලන්තය සමත් විය.
 
ඔක්ලන්ඩ් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඔස්ට්‍රේලියාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය.
 
ඒ අනුව ඔස්ට්‍රේලියාව පන්දුවාර 32යි පන්දු දෙකකදී සියලු කඩුලු දැවී ලකුණු 151ක් රැස් කළේ ය.
 
ලකුණු 152 ක ඉලක්කයක් කරා හඹා ගිය නවසීලන්තයේ බ්‍රෙන්ඩම් මැකලම් ලකුණු 50 ක් රැස් කළේ ය.
 
කේන් විලියම්සන් නොදැවී ලකුණු 39ක් සහ කොරේ ඇන්ඩර්සන් ලකුණු 26ක් රැස් කළහ.
 
නවසීලන්තයට නොදෙවෙනි පන්දු යැවීමක නිරත වූ ඔස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාර්ක් ලකුණු 28කදී කඩුලු 6ක් ද පැට් කියුමින්ස් කඩුලු 2ක් ද ග්‍රෙන් මැක්ස්වෙල් එක් කඩුල්ලක් ද බිඳ හෙළූහ.
 
ඒ අනුව නවසීලන්තය ලකුණු 152ක ජයග්‍රාහී ඉලක්කය කරා යමින් තරගයේ ජය වාර්තා කළේ ය.
Rate this item
(0 votes)