May 01, 2024

වාර්තා තුනක් තබමින් ද. අප්‍රිකාවෙන් ප්‍රබල අභියෝගයක්

February 27, 2015
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්විය. 
 
ඒ බටහිර ඉන්දීය කොදව්වන්ට එරෙහිව රැස්කළ ලකුණු 408 ත් සමගයි.
 
එමෙන්ම ඕස්ට්‍රේලියාවේදි කණ්ඩායමක් එක්දින තරගයකදි රැස්කර ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ද වේ.
 
එහිදී පන්දු 66ක් තුළදී ප්‍රවේකාරී පිතිහරඹයක නිරත වූ නායක ඒ බී ඩිවිලියර්ස් නොදැවී ලකුණු 162ක් රැස්කර ගැනීමට සමත්විය. 
 
එය ක්‍රීඩකයෙකු වාර්තා කළ වේගවත්ම ලකුණු 150 වේ.
 
මීට පෙර ද ඒ බී ඩිවිලියර්ස් වේගවත්ම අර්ධ ශතකයට සහ වේගවත්ම ශතකයට හිමිකම් කියා ඇත.
 
ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 408ක් ලබාගැනීමට සමත් විය.
 
Rate this item
(0 votes)