May 02, 2024

ඩිල්ෂාන්ගේ වාර්තා තුනත් සමග බංගලාදේශයට දැවැන්ත ඉලක්කයක්

February 26, 2015
ශ්‍රී ලංකාව සහ බංගලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 මුහුණ දෙමින් ලකුණු 332 ලබා ගැනිමට සමත් විය.
 
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ලකුණු රැස්කළේ එක කඩුල්ලක් පමණක් යැයකරමින් වීම විශේෂයකි.
 
මෙහිදී කුමාර සංගක්කාර පන්දු 76 ක දී ලකුණු 105 ක් රැස් කළ අතර තිලකරත්න ඩිල්ෂාන් පන්දු 146 කදී ලකුණු 161 රැස් කිරීමට සමත් විය.
 
ඒ අනුව තිලකරත්න ඩිල්ෂාන් වාර්තා 3ක් පිහිටුවීම ද විශේෂයකි.
 
ලෝක කුසලාන තරගයකදී වැඩි ම ලකුණු රැස් කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා සහ ලෝක කුසලාන තරගයකදී ලකුණු 150ක් රැස් කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්වෙමිනි එම වාර්තා පිහිටුවන ලදි.
 
Rate this item
(0 votes)