May 04, 2024

ශ්‍රී ලංකාව ජය ගනී

February 22, 2015

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වූ තරගයෙන් කඩුළු 4කින් ජය ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සමත්විය. 

ඒ අනුව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් පළමු ජය ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව වාර්තා කිරීමට  අද (22) සමත්විය.

ලකුණු 233 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48.2කදී කඩුලු 6ක් පමණක් වැයකර එම ඉලක්කය පසුකර යාමට සමත්විය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි අභියෝගයක් ඇෆ්ගනිස්තාන කණ්ඩායම එල්ල කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 4 ලකුණු 51ක් තුළදී දැවී ගියත්, නායක ඇන්ජලෝ මැතිව්ස් සමග එක්වූ මහේල ජයවර්ධන ශතකයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළේය.

හත්වැනි කඩුල්ල ලෙස පිටියට පිවිසි තිසර පෙරේරා වේගවත් ලකුණු 47ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

 

Rate this item
(0 votes)