May 04, 2024

ශ්‍රී ලංකාවට ලකුණු 232ක ඉලක්කයක්

February 22, 2015

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරඟයේ මේ වන විට යුනිවර්සිටි ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙමින් ඇති අතර ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ සියලුදෙනා දැවී ලකුණු 232ක් ලබාගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනාගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව පිලේ ආරාධනයට අනුව පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 4කදි සියලුදෙනා දැවී ලකුණු 232ක් ලබාගත් අතර පන්දුවට පහරදීමේදි ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් අස්ගර් ලකුණු 54ක්  ලබාගැනීමට සමත්විය.

පන්දු යැවීමේදි ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස් කඩුළු ත්‍රිත්වයක් ලබා ගත් අතර, සුරංග ලක්මාල් කඩුළු දෙකක් සහ තිසර පෙරේරා සහ රංගන හේරත් එක් කඩුල්ල බැගින් දවා ගත්හ. 

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීම සදහා පිටියට පිවිසි අතර ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 2ක් දැවී ලකුණු 5ක් ලබා ගෙන ඇත. 

මෙම තරඟය ජයග්‍රහණය කිරීම සදහා ලකුණු 233ක් ලබාගත යුතුයි.

Rate this item
(0 votes)