May 04, 2024

ඉතිහාසයේ දරුණුම පරාජය එංගලන්තයට

February 21, 2015
නවසීලන්තය සමඟ පැවති තරඟයෙන් එංගලන්ත කණ්ඩායම සිය එක්දින ඉතිහාසයේ දරුණුම පසුබෑම වාර්තා කරයි.
 
වෙලින්ටන්හි පැවති තරගය කඩුලු 8 කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.
 
එංගලන්තය පන්දුවාර 33.2 කදී කඩුලු 10 කට ලකුණු 123 ක් ලබාගත් අතර නවසීලන්තය පන්දුවාර 12.2 කදී එම ඉලක්කය පසුකිරීමට සමත් විය.
 
ටිම් සෝති කඩුලු 7 ක් බිඳහෙලීම මෙහි එක් විශේෂත්වයකි. 
 
ඔහු කඩුලු 7 බිද හෙලුවේ පන්දු 33 කදීය. එංගලන්ත කණ්ඩායමේ අවසන් කඩුලු 7 ම ලකුණු 19 කට සීමා විය. 
 
බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 18 කදී අර්ධ ශතකයක් ලබා ගැනීම තවත් විශේෂත්වයකි.
 
 එය ලෝක කුසලාන ඉතිහාසයේ වේගවත්ම ලකුණු රැස්කිරීමයි.
 
එංගලන්තයට එරෙහි කෙටිම එක්දින තරගය ද මෙයයි. සමස්ත තරගය ම පන්දුවාර 45.4 කදී නිම විය.    
Rate this item
(0 votes)