May 04, 2024

ක්‍රිකට් මුල් පුටුවට රණතුංගලා අතර සටනක්

February 20, 2015
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුර සඳහා රණතුංග පවුලේ සහෝදරයන් වන වරාය හා ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග හා වර්තමාන ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා තරග වැදීමට නියමිතයි. 
 
අප්‍රේල් මස 30 වැනිදා පැවැත්වීමට නියමිත නිලවරණයේදී සභාපති තනතුර සඳහා රණතුංග සොහොයුරන් සමග එහි වර්තමාන සභාපති ජයන්ත ධර්මදාස මහතා මෙන්ම කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාද තරගවැදීමේ සූදානමින් පසුවෙයි. 
 
කෙසේ වෙතත් හිටපු සභාපති මෙන්ම ජයන්ත ධර්මදාස මහතාගේ සොයුරු උපාලි ධර්මදාස මහතා නිලවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර තිබේ. 
 
Rate this item
(0 votes)