May 04, 2024

සිම්බාබ්වේ කණ්ඩායමට ජය

February 19, 2015
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පැවති තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට කඩුලු 6ක ජයක් හිමි විය.
 
පළමුවෙන් පන්දුවට පහර දුන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 285ක් රැස් කළේ ය.
 
එහිදී, ෂයිමාන් අන්වර් ලකුණු 67ක් සහ කුරම් ඛාන් ලකුණු 45ක් රැස් කළහ.
 
ඊට පිළිතුරු වශයෙන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දු වාර 48 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 286ක් රැස් කරමින් තරගයේ ජය හිමි කර ගත්තේ ය.
 
සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ෂෝන් විලියම්ස් නොදැවී ලකුණු 76ක් රැස් කළ අතර බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 47ක් සහ සිකන්දර් රාසා ලකුණු 46ක් රැස් කළහ.
 
Rate this item
(0 votes)