May 04, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට සියල්ල සූදානම්

February 19, 2015
2015 - 2017 කාලසීමාව දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව නිලධාරී මණ්ඩලය තෝරාපත් කර ගැනීම සඳහා පැවැත්වෙන නිලවරණය අප්‍රේල් මස 30 වැනිදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. 
 
ක්‍රීඩා පනත අනුව සියලුම ක්‍රීඩා සංගම් හී නිලවරණ මාර්තු මස 31 වැනිදාට පවත්වා අවසන් කළ යුතු වුවද, මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින ලෝක කුසලාන තරගාවලිය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පසුවට කල්දැමීමට සිදුවනු ඇති බව ක්‍රීඩා අමාත්‍යවරයා මීට ඉහතදී සඳහන් කළේය.
 
නමුත් විධායක කමිටුවේ ඉල්ලීම අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව නිලධාරී මණ්ඩලය තෝරාගැනීම සඳහා වන නිලවරණය අප්‍රේල් 30 වැනිදා පැවැත්වීමට ක්‍රීඩා හා සංචාරක අමාත්‍ය නවීන් දිසානායක මහතා අනුමැතිය ලබාදී ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
 
Rate this item
(0 votes)