May 04, 2024

ෆිල් හියුස්ට මාරාන්තික බවුන්සර් පන්දුව යැවූ ක්‍රීඩකයාට හොඳ මිලක්

February 18, 2015
IPL 2015 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පැවති ක්‍රීඩක වෙන්දේසියේදී ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ෆිල් හියුස්ට මාරාන්තික බවුන්සර් පන්දුව යොමු කළ ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ෂෝන් ඇබට් වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටියක මිලක් නියම විය.
 
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් මෙලෙස මිල නියමී ඇති අතර ඔහු IPL තරගාවලියක් සඳහා මිල දී ගැනුණු පළමු අවස්ථාව මෙය වේ.
 
22 හැවිරිදි ෂෝන් ඇබට් මේ වන විට සහභාගි වී ඇත්තේ එක්දින ජාත්‍යන්තර එක් තරගයකට සහ ජාත්‍යන්තර පන්දු වාර 20 තරග 3කට පමණි.
 
පසුගිය වසරේ නොවැම්බර් මස 25 වන දා සවුත් ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් නිව් සවුත් වේල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 63ක් රැස් කර සිටියදී ෆිල් හියුස්, ෂෝන් ඇබට්ගේ පන්දුවක් හිසේ වැදීමෙන් අනතුරට ලක් විය.
 
Rate this item
(0 votes)