May 04, 2024

මැතිව්ස්ට හොඳ වටිනාකමක්

February 17, 2015
8 වන ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලිය සඳහා පැවැති ක‍්‍රීඩක වෙන්දේසියේදී ශ‍්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් තුන්වෙනුව වැඩිම මිලකට එනම් ඉන්දීය රුපියල් කෝටි 7 හමාරකට දිල්ලි ඩෙයාර් ඩෙවිල් කණ්ඩායම මිල දි ගෙන තිබේ.
 
එහිදී වැඩිම මිලක් හිමි වූයේ ඉන්දීය රුපියල් කෝටි 16කට අලෙවි වූ යුවරාජ් සිං ටයි.
 
ඔහු ද දිල්ලි පිළට එක් කර ගත් අතර දිනේෂ් කාර්තික්ට බැංගලෝර් පිළ ඉන්දීය රුපියල් කෝටි 10 හමාරක් ගෙවීමට එකඟ විය.
 
කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ටී.එම්. ඩිල්ශාන්, සචිත‍්‍ර සේනානායක, ලහිරු තිරිමාන්න ඇතුළු අයි.පී.එල්. ක‍්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් කළ අනෙකුත් ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයන් අලෙවි වි නොමැත.
Rate this item
(0 votes)