May 04, 2024

අයර්ලන්තයෙන් පෙරළිකාර ජයක්

February 16, 2015

මෙවර ලෝක කුසලාන තරගාවලියේ පෙරළියක් කරමින් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව අද (16) පැවැති තරගයේදී කඩුලු 4 ක පහසු ජයක් අත්කරගැනීමට අයර්ලන්තය සමත් විය.

අද තරඟයේදී කොදෙව්වන් පළමුව පන්දුවට පහ‍රදෙද්දී ඔවුන්ගේ කඩුලු 5ක් ලකුණු 87ට දැවී ති‍බියදී ලකුණු 304 දක්වා ඔවුන්ගේ ලකුණු පුවරුව ඉහළගියේ ඩැරන් සැමීගේ ලකුණු 89ත්, ලෙන්ඩි සිමන්ගේ ලකුණු 102ත් ආධාරයෙනි.

ඒ අනූව ඔවුන් පන්දුවාර 50දී කඩුලු 7ට ලබාගත් ලකුණු 304 ඉලක්කය පහසුවෙන් හඹාගිය අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 45.5දී කඩුලු 6ක් දැවී ලකුණු 307ක් ලබාගෙන ඉන්දීය කොදෙව්වන්ගේ සිහිනය බොඳ කළේය.

පෝල් ස්ටර්ලින් ලකුණු 92යි, එඩ් ජොයිස් ලකුණු 84යි, නියල් ඔ බ්‍රයන් නොදැවී ලකුණු 77ක් වශයෙන් එම ජයග්‍රහණයට දායක විය.

මෙම ජයග්‍රහණය නිසා මෙතෙක් පැවැති තරඟවලදී හඹාගොස් පරාජය ලැබීමට ඇති සම්භාවිතාව අයර්ලන්ත කණ්ඩායම විසින් පහසුවෙන් වෙනස් කර ඇත.

තවමත් ටෙස්ට් වරම් ලබා නොමැති අයර්ලන්ත කණ්ඩායම අන්තර්ජාතික කි‍්‍රකට් ක්ෂේත‍්‍රයේ තවමත් ආධුනිකයෙකු ලෙස හැඳින්වේ. එහෙත් බටහිර ඉන්දීය පිල 1975 සහ 1979 වසර දෙකේදීම ලෝක කුසලාන දිනාගත් දැවැන්ත කණ්ඩායමකි.

එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව 11 වැනි ස්ථානයේ සිටින අයර්ලන්ත කණ්ඩායම අද දිනයේදී ඔවුන් විසින් පරාජය කරන ලද්දේ අන්තර්ජාතික එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ 8 වැනි ස්ථානයේ සිටින බටහිර ඉන්දීය කොදෙව් පිලයි.

 

Rate this item
(0 votes)