May 04, 2024

සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 339ක ඉලක්කයක්

February 15, 2015

ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලියේ දකුණු අප‍්‍රිකාව සහ සිම්බාබ්වේ අතර තරගයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප‍්‍රිකානු කණ්ඩායම ලකුණු 339ක් ලබා ගැනීමට සමත්විය.

නවසීලන්තයේ හැමිල්ටන් නුවර පැවැත්වෙන දකුණු අප‍්‍රිකාව සහ සිම්බාබ්වේ තරගයෙන් කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ පිල පළමුවෙන් පන්දුවට පහරදෙන ලෙස දකුණු අප‍්‍රිකාවට ආරාධනා කළේය. 

දකුණු අප‍්‍රිකානු පිල පන්දු වාර 50 අවසානයේ කඩුලු 4ක්  දැවී ලකුණු 339ක් ලබාගැනීමට සමත්විය.

මේවන විට සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර3යි පන්දු 2කදී ලකුණු 25ක් ලබා ගෙන ඇත. 

Rate this item
(0 votes)