May 04, 2024

ඕස්ටේ‍්‍රලියාවට විශිෂ්ඨ ජයක්

February 15, 2015

2015 ලෝක කුසලාන කි‍්‍රකට් තරඟාවලියේ දෙවන තරඟය වන ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර ඊයේ (14) පැවති තරගයෙන් ඕස්ටේ‍්‍රලියා කණ්ඩායම ලකුණු 111 කින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය. 

මෙල්බර්න් හි පැවති තරඟයේ පළමුව පන්දුවට පහරදුන්  ඕස්ටේ‍්‍රලියාව කඩුළු 09 කට ලකුණු 342 ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 41 යි පන්දු 05 කදී සියලූ දෙනා දැවී  ලකුණු 231 ක් පමණක් රැස්කර ගැනීමට හැකිවිය. 

ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර පැවති ලෝක කුසලාන තරඟාවලියේ පළමු තරඟය නවසීලන්තය ලකුණු 98 කින් ජයගැනීමට සමත් විය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 15 February 2015 09:29