May 03, 2024

නවසීලන්තයෙන් ශ්‍රි ලංකාවට ලකුණු 332ක ඉලක්කයක්

February 14, 2015

2015 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රි ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩයම නියමිත පන්දුවාර 50 තුළදි ලකුණු 331ක ලකුණු සංඛ්‍යාවක් රැස්කිරිමට සමත්විය.

ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් නවසීලන්ත පිතිකරුවන් හමුවේ දැඩි ප්‍රහාරයකට ලක්විය. ලසිත් මාලිංග මාස 5කට පසුව මෙම තරගයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණියේය.

නවසීලන්තයේ රෝස් ටේලර් හැරෙන්නට සෙසු සියලුම පිතිකරුවෝ සාර්ථක වූහ.

වේගවත් ඉනිමක් දියත්කළ කුරේ ඇන්ඩර්සන් ලකුණු 75ක් රැස්කළේය. ඔහු ලබාදුන් පහසු උඩපන්දුවක් ජීවන් මෙන්ඩිස් අතින් ගිලිහී ගියේය.

 

Rate this item
(0 votes)