May 17, 2024

'ගෝඨාට - චමල්ට' මහින්ද විරුද්ධ වූ හැටි එස්.බී හෙළි කරයි (VIDEO)

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හෝ හිටපු කතානායක චමල් රාජපක්ෂ යන මහත්වරුන් පසුගිය මහමැතිවරණයේදී අග්‍රාමාත්‍ය අපේක්ෂක හැටියට ඉදිරිපත් කිරීමේ යෝජනාවක් තිබූ බවත් එම යෝජනා දෙකටම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විරුද්ධ  වු බවත් සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (27) පස්වරුවේදි පල්ලෙතලවින්න රතනජෝති ධර්ම විද්‍යාලයේ පැවැති උත්සවයකදී ය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රි කමක් ලබා දෙන්නට සුදානමක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඇතිදැයි මාධ්‍යවේදියකු නැගු පැනයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසී ය.

හිටපු අගමැති ගෝඨාභය ගේන යෝජනාවට කැමැති වූ බවත් චමල් රාජපක්ෂ ගේන යෝජනාවට මෛත්‍රිපාල සිරිසේන ජනපති ද කැමැති වූ බවත් නමුත් එම යෝජනා දෙකටම මහින්ද රාජපක්ෂ අකමැතිවූ බවත් දිසානායක මහතා සඳහන් කළේ ය.

පක්ෂයේ මහ ලේකම්වරයා  සහභාගිවන රැස්විමක පිරිසක් හූ කීම සම්බන්ධයෙන් පැවසූ ඇමැතිවරයා ‘මට කවුරුත් හූ කිව්වේ නෑ පක්ෂයේ පහල මට්ටමේ අය විවිධ වෙලාවට විවිධ ආකාරයට හැසිරෙන්න පුළුවන් අපි ඒ ගැන එච්චර කලබල වෙන්නෙ නෑ. ඒක මහා බරපතල දෙයක්නම් පක්ෂය විනය ක්‍රියා මාර්ගයක් ගනියි.‘ හෙතෙම පැවසීය.

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)
Last modified on Tuesday, 29 March 2016 12:50