May 17, 2024

හඳහන ගැන ගෝඨා හෙළිකරයි (VIDEO)

දේශපාලනයට ඒමේ අකමැත්තක් නොමැති නමුත් තම කේන්දරයේ නම් එවැන්නක් සඳහන්ව නොමැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ බරපතල වංචා හා දූෂණ සෙවීමේ ජනපති කොමිසම වෙත ඊයේ (03) දින පැමිණි අවස්ථාවේ දී ය.

වර්තමානයේ දී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සමග හිතවත්ව සිටින ඇතැමුන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාලන සමයේ දී ඔහුට ද හිතවත්ව සිටි බවත්, ඇතැමුන් හිටපු ජනපතිනියගේ රෙදි ගැලවීමට කතාකළ බවත් පැවසූ හිටපු ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ එම පුද්ගලයින්ම දිනෙක වත්මන් ජනාධිපතිවරයාගේ රෙදි ගැලවීමට කටයුතු කරනු ඇති බවයි.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Sunday, 06 March 2016 10:46