April 26, 2024

(EXCLUSIVE) පාස්කු වගකීම සජිත් භාරගත්තේ තනි මතයට: අපි ඕවට නෑ - ජ්‍යෙෂ්ඨයෙකුගෙන් එළිදරව්වක්

පාස්කු ප්‍රහාරයේ වගකීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා භාර ගැනීම පිළිබඳව සමගි ජන බලවේගය තුළ විරෝධතා එල්ල වෙමින් තිබේ.

පාස්කු ප්‍රහාරය සිදු වන විට බලයේ සිටියේ පිය පාර්ශවයේ රජයක් බැවින් එහි වගකීම තමා භාර ගැනීමට සූදානම් බවට සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශය ඔහුගේ තනි මතයට කළ ප්‍රකාශයක් බව නම හෙළි නොකිරීමේ එකඟතාවය මත අදහස් දැක්වූ සමගි ජන ජන බලවේගය ජ්‍යෙෂ්ඨයෙක් ඒෂියන් මිරර් වෙත තොරතුරු අනාවරණය කරන ලදී.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කරන්නේ සජිත් ප්‍රේමදාස මහතා මෙම වගකීම භාර ගැනීමට පෙර පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය, සභාපති, මහ ලේකම්, ජාතික සංවිධායක ඇතුළු වගකිවයුතු කිසිදු පාර්ශ්වයක් දැනුවත් නොකළ බවය.

විපක්ෂ නායකවරයා බුන්දල දී මෙම ප්‍රකාශය කරනතුරු කිසිවකුත් එවැනි ප්‍රකාශයක් කරන බවක් නොදැන සිටි බවද පක්ෂයේ ශ්‍රේෂ්ඨයා සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස මහතා සිය තනි මතයට කළ මෙම ප්‍රකාශය අනවශ්‍ය ප්‍රකාශයක් බව පෙන්වා පෙන්වාදෙන ඔහු ඉන් සමගි ජන බලවේගයට මහජන අප්‍රසාදයක් එල්ල වෙමින් තිබෙන බවද පෙන්වා දෙයි.

"පාස්කු ප්‍රහාරය සිදු වූ කාල වකවානුව තුළදී අපේ රජය තමයි බලය හිටියේ.ඉතින් මේ අවස්ථාවේ එහි වගකීම අපි බාර ගන්නවා.වගකීම් වලින් අපි පැනලා යන්නේ නැහැ" බවට සජිත් ප්‍රේමදාස මහතා මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය කරනු ලැබුවේ බුන්දල පැවති 52 වැනි විපක්ෂනායක ජංගම සේවා වැඩසටහනට එක් වෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 24 July 2021 10:38