April 26, 2024

මෙරට සමාජ මාධ්‍ය හරහා "වෛරස් ලින්ක්" එකක් සංසරණය වෙයි - විවෘත නොකරන ලෙස අනතුරු ඇඟවීම්

February 12, 2021

ශ්‍රී ලංකා විදුලි සංදේශණ නියාමන කොමිෂන් සභාව විසින් මෙරට සමාජ මාධ්‍ය ඇතුළු අන්තර්ජාල භාවිත කරන්නන් හට අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.

එහිදී ඔවුන් සඳහන් කර තිබුණේ කොවිඩ්-19 වෛරසය හේතුවෙන් මැයි 03 වෙනිදා දක්වා නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදෙන බවට සඳහන් වන පරිගණක වෛරස් සැබඳියක් (Link) හවුමාරු වෙමින් පවතින බවයි.

මෙහිදී මෙම සබැඳිය කිසිම අවස්ථාවක විවෘත නොකර ලෙසද ඔවුන් ඉල්ලා තිබේ.

මෙලෙස සංසරණය වන්නේ "SPAM Link" හෙවත් පුද්ගල කණ්ඩායමක් විසින් වාණිජ වෙළඳ දැන්වීම් සඳහා හෝ වාණිජ නොවන දේවල්වලට යොමු කරවා  ගැනීම සඳහා හෝ ඕනෑම තහනම් කටයුත්තක් සඳහා විශාල ප්‍රතිග්‍රාහකයන් ප්‍රමාණයක් වෙත ඉල්ලුම් නොකර එවන ලද පණිවිඩයක් සහිත සැබඳියක් වන අතර මෙයින් ඔබගේ පෞද්ගලික තොරතුරු හෝ වෙනත් දේවල් ග්‍රහණය කරගැනීම සිදු කරනු ලබයි.

එම නිසා මෙම පහතින් දක්වා ඇති සැබැඳියක් නැතහොත් ලින්ක් එකක් පැමිණියහොත් එය විවෘත නොකර ලෙසද අවධාරණය කළ යුතුය.

එම ලින්ක් පහතින් covidfreeinternet.blogspot හෝ covid-free-internet-bit.ly ලෙස පැමිණිය හැකිය.

ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව තැබූ අනතුරු ඇඟවීම් ෆේස්බුක් සටහන පහතින්,

Last modified on Saturday, 13 February 2021 06:41