April 27, 2024

ජනවාරියේ දැවැන්ත කැබිනට් මණ්ඩල සංශෝධනයක් - පිටුපස වාඩි වී සිටින ජේෂ්ඨයන් තිදෙනකුටත් ඇමති ධුර

November 20, 2020

ලබන ජනවාරි මාසයේදී දැවැන්ත කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

කැබිනට් මණ්ඩලයේ තිබෙන ඉතුරු පුරප්පාඩු කිහිපයද සම්පූර්ණ කරමින් වර්තමානයේ කැබිනට් අමාත්‍යධුර දරණ ඇතැමුන්ගේ විෂයයන් සංශෝධනය වෙමින් මෙම කැබිනට් මණ්ඩල සංශෝධනය සිදුවන බව දැනගන්නට තිබේ.

මේ වන විට රාජ්‍ය ඇමතිවරුන්ටත් පිටුපසින් පාර්ලිමේන්තුවේ අසුන් ගෙන සිටින කුරුණෑගල, නුවරඑළිය හා කළුතර දිස්ත්‍රික්ක නියෝජනය කරන ජේෂ්ඨතම මන්ත්‍රීවරුන් තිදෙනකුට කැබිනට් මණ්ඩල අමාත්‍යධුර ලැබීමට නියමිත බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

තමාට දිගටම පාර්ලිමේන්තුවේ පසුපෙළ අසුන් ගැනීමට සිදුවනවා දැයි කුරුණෑගල දිස්ත්‍රික් නියෝජනය කරන ජේෂ්ඨ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගෙන් විමසා ඇති අතර එහිදී ජනාධිපතිවරයා සඳහන් කොට ඇත්තේ නෑ ඔබ ලඟදීම ඉදිරිපෙලට පැමිනෙන බව ය.

බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනයත් සමග මෙම කැබිනට් මණ්ඩල සංශෝධනය සිදු වීමට නියමිත අතර එහිදී බැසිල් රාජපක්ෂ මහතාට ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරයට අමතරව අග්‍රාමාත්‍යවරයා යටතේ තිබෙන ප්‍රබල අමාත්‍යාංශයක වගකීමද හිමිවීමට ඉඩකඩ ඇති බවද එම දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

Last modified on Friday, 20 November 2020 11:13