April 26, 2024

අදත් පැය හත හමාරක් කරන්ට් නැහැ Featured

අද (08) උදෑසන 8.00 සිට රාත්‍රි 11.00 දක්වා අතර කාලය තුළ කලාප දෙකක් සඳහා පැය හතහමාරක විදුලි කප්පාදුවක් සිදු කිරීමට සැලසුම් කර ඇතැයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරනවා.

ඒ අනුව උදේ කාලයේ පැය 5ක් හා පස්වරුවේ පැය 2.30ක් වශයෙන් E සහ F යන කලාපවලට විදුලිය කප්පාදු කෙරෙනවා.

මේ අතර P,Q,R,S,T,U,V,W යන සෙසු කලාප සඳහා අද උදෑසන 9.00 සිට රාත්‍රි 9.00 දක්වා වු කාලය තුළ පැය 3ක විදුලි කප්පාදුක් සිදුකරන බව ද එම කොමිසම සඳහන් කළා.

ඉහත කලාපය 8 සඳහා උදෑසන කාලයේ පැය දෙකක් හා පස්වරුවේ පැයක කාලයක් ලෙස විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.

විදුලිය කප්පාදුව සිදුවන ප්‍රදේශ හා වේලාවන් පිළිබඳ සම්පූර්ණ විස්තර මෙතැනින්

Rate this item
(3 votes)