April 26, 2024

යාපනයේ විදුලි විසන්ධි වීමක් - හේතුව වාහනයක් (PHOTOS)

යාපනයේ නාවට්කුලි ප්‍රදේශයේ ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් අධි බලැති විදුලි රැහන් කනුවක ගැටී සිදු වූ අනතුරින් ප්‍රදේශයට විදුලිය විසන්ධි වීමක් ඊයේ (18) දින වාර්තා වුණා.

නාවට්කුලි ඒ-9 ප්‍රධාන මාර්ගයේ අධික වේගයකින් ධාවනය වී ඇති මෙම කැබ් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අධිබලැති විදුලි කනුවක ගැටී ඇති අතර එහිදී විදුලි කනුව දෙකට කැඩී අසල තිබූ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් මතට වැටී තිබෙනවා.

මේ හේතුව නිසාවෙන් තෙන්මරාච්චි ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට පැය 5කට අධික කාලයක් විදුලිය විසන්ධි වී ඇති අතර පසුව විදුලිබල මණ්ඩල සේවකයින් විදුලිය යථාතත්වයට පත්කිරීමට පියවර ගෙන තිබුණා.

අනතුරින් කැබ් රථයටද දැඩි හානි සිදුව ඇති අතරම කැබ් රථයේ රියදුරුට පමණක් සුලු තුවාල සිදුව තිබුණු අතර චාවකච්චේරි පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරනවා.

(වන්නි - රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)