April 26, 2024

පාරේ ගිය සිසුවියන් දුටු කොස්තාපල්ට උන්හිටිතැන් අමතක වෙයි

පාසල් සිසුවියන් දෙදෙනෙකුට සිය ලිංගික අවයව ප්‍රදර්ශනය කළ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන ඇති පුවතක් පානදුර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

සුවිශේෂී කරුණ වන්නේ ඔහු මෙම ක්‍රියාව සිදු කොට ඇත්තේ මහජනතාව ගැවසෙමින් සිටි ප්‍රසිද්ධ ස්ථානයක වීම යි.

කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ රියදුරු රාජකාරියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු මෙලෙස 

මෙම සිද්ධියට මුහුණ දුන් පාසල් සිසුවියන් දෙදෙනා පානදුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා විදුහලක ඉගෙනුම ලබන්නියන් බව සඳහන්.

සිසුවියන් දෙදෙනා ඒ මොහොතේ දී පාසල කරා පැමිණෙමින් සිට ඇති අතර ඔවුන් ආ මාර්ගය අසළ අදාළ කොස්තාපල්වරයා සිය රාජකාරී රථය නවතා තිබෙනවා.

සිසුවියන් රථය පසුකර යන මොහොතේ දී රියදුරු අසුනට යාබද අසුනේ සිටි මෙම නිලධාරියා සිය ලිංගික අවයව සිසුවියන් හට ප්‍රදර්ශනය කිරීමට යි කටයුතු කර ඇත්තේ.

සිද්ධියෙන් අනතුරුව සිසුවියන් දෙදෙනා තමන් මුහුණ දුන් දෙය පිළිබඳව සිය පන්ති භාර ගුරුවරියට පවසා තිබෙනවා.

ඒ අනුව මේ පිළිබඳ විදුහල්පතිනිය දැනුවත් කිරීමට ගුරුවරිය කටයුතු කළ ඇති බවත්, ඒ හරහා පොලීසිය වෙත පැමිණිලි කොට ඇති බවත් සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පානදුර දකුණු පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය ක්‍රියා කර ඇත්තේ මෙය සිදුවූ ස්ථානය අවට CCTV දර්ශන පරීක්ෂා කිරීමට යි.

ඒ අනුව අදාළ මෝටර් රථය හදුණාගෙන තිබෙනවා.

පසුව එහි ලියාපදිංචි අංකය පරීක්ෂා කර බැලීමේ දී අනාවරණය වී ඇත්තේ අදාළ රථය කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ගණකාධිකාරීවරයාගේ නිල රථය බවට යි.

එම තොරතුරු හරහා සිදු කළ පරීක්ෂණවලට අනුව කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ගණකාධිකාරීවරියකගේ රියදුරු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පොලිස් නිලධාරියා 36 හැවිරිදි විවාහක පුද්ගලයෙකු බව ද වාර්තා වනවා.

ඔහු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 19 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට යි මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

තව ද සැකකාර කොස්තාපල්වරයා මීලඟ නඩු දිනයේ දී හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසට ද බන්ධනාගාර නිලධාරීන් වෙත මහෙස්ත්‍රාත්වරයා නියෝග කොට තිබෙන බව ද සඳහන්.

Rate this item
(3 votes)
Last modified on Friday, 14 January 2022 11:10