April 26, 2024

ලිට්රෝ සභාපති තෙෂාර යළි පත්වෙයි - අලුත් සභාපතිගේ පත්වීමත් හබක්

ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව අද පෙරවරුවේ වාර්තා වුණා.

ඒ පසුගිය දිනවල සිදු වූ ගෑස් සිලින්ඩර් ආශ්‍රිත පිපිරීම් සහ ගෑස් හිඟය ඇතුළු සිද්ධීන් හමුවේ තෙෂාර ජයසිංහ මහතාට දැඩිව චෝදනා එල්ල වූ පසුබිමකයි.

ඒ අනුව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ධුරයට රේණුක පෙරේරා මහතා පත් කිරීමට අදාළ ලිපිය සඳහා ලිට්රෝ සමාගමේ හිමිකාරිත්වය හිමි ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කලේ.

කෙසේවෙතත් ලිට්රෝ සභාපති ඉවත් කිරීම සහ නව සභාපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් නිල දැනුම්දීමක් මෙතෙක් සිදු කර නැහැ.

ලිට්රෝ සුරැකීමේ සංවිධානයේ පියල් කොළඹහෙට්ටි මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

"අපේ වත්මන් සභාපතිවරයා ඉවත් කළා කියලා අපිට දැනගන්න ලැබුණා. අපි ඒ සභාපතිවරයා එක්ක වැඩ කරන්න අරගෙන මාස 6යි. ඉතින් අපි සේවක මණ්ඩලය ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා වර්තමාන සභාපතිවරයාට මේ කරගෙන යන වැඩකටයුතු කරගෙන යන්න කිසියම් කාලයක් ලබා දෙන්න. ඒ අවස්ථාවේදී ජනාධිපතිතුමා විසින් අපිට විස්තර දැන ගන්න ලැබිලා තියෙනවා වත්මන් සභාපතිවරයාව නැවත එම තනතුරේම දැනට තියලා තියෙනවා කියලා. අපිට ආරංචි මාර්ග ලැබිලා තියෙන්නේ දැනට අපේ සභාපතිතුමා නැවතත් අපිත් එක්ක දිගටම වැඩකටයුතු කරනවා කියන එක තමයි."

සබැඳි පුවත් - ලිට්රෝ සභාපති ඉවතට! ජනපති ලිට්‍රෝ ආයතනයේ හදිසි නිරීක්ෂණයක

May be an image of 10 people, people sitting, people standing and indoor

May be an image of 5 people, people standing and indoor

May be an image of 11 people and people standing

Rate this item
(0 votes)
Last modified on Thursday, 13 January 2022 20:13