April 20, 2024

ලිට්රෝ සභාපති ඉවතට! ජනපති ලිට්‍රෝ ආයතනයේ හදිසි නිරීක්ෂණයක Featured

ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ එම ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වනවා.

සමාගමේ නව සභාපතිවරයා ලෙස නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා පත් කිරීමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග පවසනවා.

ගෑස් හිඟය සහ ගෑස්වල සංයුතිය සම්බන්ධයෙන් රට තුළ ඇතිව තිබෙන බරපතළ අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජයසිංහ මහතා සභාපති ධුරයෙන් ඉවත් කෙරෙන බව ද පැවසේ.

සමාගමේ හිටපු සභාපති අනිල් කොස්වත්ත මහතා ඉවත්වීමෙන් පසුව තෙෂාර ජයසිංහ මහතා එම ධුරයට පත් කරනු ලැබුවා.

නව රජය බලයට පත්වීමෙන් පසුව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහා සභාපතිවරුන් දෙදෙනකු පත්කර පත්කළ අතර, රේණුක පෙරේරා මහතා එම ධුරයට පත් කරනු ලබන්නේ තෙවැනි සභාපතිවරයා වශයෙන්.

සංයුතිය වෙනස් කළ ගෑස් ගෙන්වා දිවයින පුරා බෙදා හැරීම හේතුවෙන් පසුගිය දිනවල දිවයින පුරා ගෑස් ළිප් පුපුරා යෑම් ඇතුළු ගෑස් ආශ්‍රිත සිදුවීම් විශාල සංඛ්‍යාවක් වාර්තා වුණා.

මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වනවිට මුතුරාජවෙල - මාබිම ලිට්‍රෝ ආයතනයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වන බවත් වාර්තා වනවා.

Rate this item
(1 Vote)