April 26, 2024

ශ්‍රී ලාංකීය කලා ලොව විරුවන් දෙදෙනෙකු දිවියට සමුදෙයි

ප්‍රවීණ රංගන ශිල්පියෙකු මෙන්ම ගායකයෙකු ද වූ ගාමිණී අම්බලන්ගොඩ මහතා අද (09) අභාවප්‍රාප්ත වූවා.

ඔහු කාලයක් මුළුල්ලේ පසු වූයේ රෝගාතුරව යි.

මෑත කාලීනව ඔහුගේ පාදයක් ද කපා ඉවත් කර තිබුණා.

අම්බලංගොඩ මහතා මියයන විට 66 වැනි වියෙහි පසු වූවා.

රජගහේ නාඩගම, රාජකපුරු ආදී වේදිකා නාට්‍යවලට මෙන්ම ස්ව්‍යංජාත, කරුවල ගෙදර, සරදියෙල් ටෙලිනාට්‍ය රැසකට ද ඔහු රංගනයෙන් දායක වී තිබෙනවා.

ඒ මහතාගේ අවසන් කටයුතු පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කළා.

මේ අතර ප්‍රවීණ ගායන ශිල්පී ඩෙස්මන් ද සිල්වා මහතා ද අද (09) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු පදිංචිව සිටියේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර යි.

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මියයන විට ඩෙස්මන් ද සිල්වා මහතා 79 වැනි වියෙහි පසුවූවා.

බයිලා ශෛලියෙන් ඔහු මෙරට ජනාදරයට පත් වූයේ “ලෝකල් එල්විස් ප්‍රෙස්ලි” සහ “බයිලා ලොවේ රජු” නමින්.

වර්තමානයේ අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති “නිල්වන් මුහුදු තීරේ” ගීතයෙහි මුල් හිමිකරු වන්නේ ද ඒ මහතා යි.

එමෙන්ම චූඩා මාණිකේ, යන්න රට වටේ, සුමිහිරි පානේ පදමට ගහලා, ලංකාවට බයිලා ගෙනා වොලී බැස්ටියන්, පොල්කටු හැන්දෙ මිට වගේ, මම්ම නෝ පප්ප නෝ, යමන් බණ්ඩො, කකුල කකුල කකුල මගේ, එතකොට, රෑ දොළහට ලයිට් ගියා, කිරිල්ලී රන් කිරිල්ලි වැනි ගීත විශාල ගණනකට ඔහු හිමිකම් කියනවා.

Rate this item
(3 votes)
Last modified on Sunday, 09 January 2022 19:05