May 03, 2024

සුප්‍රසිද්ධ ගී රැසක හිමිකරු කැමිලස් පෙරේරා අද දැයෙන් සමුගනී

ප්‍රවීණ ගී පද රචක කැමිලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වනවා.

අසනීප වූ ඔහු කලක් රෝහල්ගතව සිටි බව සඳහන්.

ප්‍රතිකාර ලබා පැමිණ සිටි පෙරේරා මහතා සිය නිවසේදී අභාවප්‍රාප්ත වූ බව යි පැවසෙන්නේ.

ඔහු ලියූ ගී අතර හිමිනැති පෙමකට, වාසනා වේවා, විකසිත වතකමලේ, හදවිලේ, දේව මන්දිරයේ, ආදර ප්‍රියලඳුනේ, හදිස්සියේ හනි හනිකට, මට මුළු ලොව ලොවම ඔබයි, උන්මාදවූ ප්‍රේමාදරේ වැනි ගීත රැසක් අතිශය ජනාදරයට පත් වූවා.

චිත්‍රපට ගීත ඇතුළුව ඔහු විසින් රචනා කර ඇති ගීත සංඛ්‍යාව 1,000කට ආසන්න  බවයි වාර්තා වන්නේ.

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (18) පස්වරුවේ වත්තල රෝමානු කතෝලික දේවස්ථාන සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත යි.

කැමිලස් පෙරේරා මහතා අභාවප්‍රාප්තවන විට 74 වැනි වියෙහි පසු වූවා.

Rate this item
(0 votes)