April 26, 2024

චීන විදේශ ඇමැති ලංකාවට පා තබයි - පිළිගන්න නාමල් යයි (PHOTOS)

චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකාවට පැමිණියා.

චීන - ශ්‍රී ලංකා රාජාතාන්ත්‍රික සබඳතාවල 65 වන සමරු වැඩසටහන් දියත් කිරීම මෙම සංචාරයේ එක් අරමුණක් වනවා.

චීන ආයෝජන සඳහා වැදගත් වන දිවයින පුරා පෞද්ගලික අංශයේ ව්‍යාපෘති පිළිබඳවද ඔහු අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂිතයි.

බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින්ද මෙරට චීන ආයෝජන ඉහළ නැංවීම පිළිබඳ සාකච්ඡාවට රැසක්ම මේ වන විට පවත්වා තිබෙනවා.

චීන විදේශ අමාත්‍යවරයා මෙරටට පැමිණෙන්නේ කෙන්යාව, එරිත්‍රියාව, කොමරුස් සහ මාලදිවයින යන රටවල සංචාරය කිරීමෙන් අනතුරුවයි.

මේ රටවල් 4ම චීනය සමඟ විශාල මුල්‍යමය යැපීමක් සහිත රටවල් වීම විශේෂත්වයක්.

දූත පිරිස පිළිගැනීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත ක්‍රීඩා සහ යෞවන කටයුතු, ඩිජිටල්කරණය අමාත්‍ය නාමල් රාජපක්ෂ, සිවිල් ගුවන් සේවා සහ අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක යන මහත්වරු පැමිණ සිටියා.

චීන විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර මෙරට චීන තානාපති චී ෂෙනොන්, උතුරුකරය ඇතුලු දිවයින පුරා සංචාරයන්හි නිරත වුණා.

චීන විදේශ අමාත්‍ය වෑන්ග් - යී මහතා දිවයිනට පැමිණියේ  අප්‍රිකානු අඟ ප්‍රදේශයේ සහ මාලදිවයිනේ සංචාරයකින් අනතුරුවයි.

( කටුනායක - ටී.කේ.ජී.කපිල )

Rate this item
(0 votes)
Last modified on Saturday, 08 January 2022 22:33

Related items