April 26, 2024

කෝච්චි ටිකට් ගන්න අලුත් ක්‍රමයක්! ස්ථානාධිපතිවරුන්ට වැඩ නැති වෙන ලකුණු

December 28, 2021

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනයට මුහුණ දීම සඳහා දුරකථනය මගින් දුම්රිය ප්‍රවේශපත් වෙන්කර ගැනීමේ ක්‍රමයක් ආරම්භ කිරීමට සැලසුම් කරමින් සිටින බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පැවසුවා.

එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පෞද්ගලික දුරකතන සේවා සැපයුම් ආයතනයක් සමග මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව කී දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා එම ක්‍රමය ආරම්භ කළහොත් එය අනාගතයටත් වඩාත් ප්‍රයෝජනවත් වනු ඇතැයි සදහන් කළා.

ගැටළු සඳහා විසඳුම් ලබා නොදීම හේතුවෙන් තෙල්, සිමෙන්ති සහ තිරිඟු පිටි ප්‍රවාහන කටයුතුවලින් ද ඉවත්වීමට දුම්රිය ස්ථානාධිපති සංගමය තීරණය කර තිබෙනවා.

මේ අතර, ඔවුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 20ක පමණ අලාභයක් සිදුව ඇති බවයි දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර ප්‍රකාශ කළේ.

එසේම අදාළ මුදල වෘත්තීය සමිතිවලින් අය කර ගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු සිදුකරමින් සිටින බව ද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සදහන් කළා.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කරන බව ප්‍රකාශ කළ දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා කියා සිටියේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් දැඩි කරන බවයි.

මේ අතර, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ඇතැම් ඉල්ලීය තම සංගමයට ද අහිතකර ලෙස බලපාන බැවින් ඒවාට විසදුම් ලබාදුනහොත් ඉදිරියේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමු වන බවයි දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා ප්‍රකාශ කළේ.

එසේම පාර්සල් ප්‍රවාහනයෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඉවත්වීම නිසා තැපැල් දෙපාර්තමේන්තුවට දැඩි ලෙස පාඩු සිදුවී ඇති බැවින් කඩිනමින් ඔවුන්ගේ ගැටළුවලට විසදුම් ලබාදෙන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා කියා සිටියේ.

මේ අතර, ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් කටයුතු කිරීමත් සමග ඊයේ මගීන් දුම්රියේ ගමන් කළේ කිසිදු මුදල් ගෙවීමකින් තොරවයි.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 28 December 2021 01:11