April 26, 2024

සමගි ජන බලවේගය නැති නිසා පාර්ලිමේන්තුවත් කලින් වසයි

December 06, 2021

අද (6) පාර්ලිමේන්තුවේ කටයුතු සවස 2 වන විට අවසන් වුණා.

ඒ සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායමේ වර්ජනය නිසා.

වැය ශීර්ෂ කප්පාදුව

එම වර්ජනය නිසා ව්‍යවස්ථාවට අනුව අද (6) විවාදයට ගැනීමට නියමිතව තිබූ අමාත්‍යාංශවල වැය ශීර්ෂ කපා හරිමින් අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමට මන්ත්‍රීවරු සිටියේ නැහැ.

එසේ වැය ශීර්ෂ කපා හරින යෝජනාව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් කළ යුත්තක්.

එනිසා අද (6) සභාව ඇමතීමට විපක්ෂය පැත්තෙන් සිටියේ ජනතා විමුක්ති පෙරමුණ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු පමණයි.

විපක්ෂයේ මන්ත්‍රීවරු

ඔවුනටද අදාල වැය ශීර්ෂ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට අවස්ථාව ලැබෙන්නේ ඒ සඳහා වූ වැය ශීර්ෂ කපා හැරීමේ යෝජනාව ඉදිරිපත් වීමෙන් පසුවයි.

මේ නිසා සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ මැදිහත්වීම මත සභාවේ සිටි දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ට සිය අදහස් දැක්වීමට අවස්ථාව ලැබුණා.

අද (6) විවාදයට ගැනීමට නියමිතව තිබුණේ අග්‍රාමාත්‍යවරයා යටතේ තිබෙන නාගරික සංවර්ධන හා නිවාස , ඉදිකිරීම් විෂ ඇතුලු විෂයන් කිහිපයක් පිළිබඳ සම්බන්ධයෙන් වූ වැය ශීර්ෂ කාරක සභා විවාදයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 06 December 2021 14:55