April 26, 2024

ශ්‍රීලනිපය ආණ්ඩුවට ගැහුවෙ සැලැස්මකට අනුව: සැලැස්ම හැදුවෙත් පාර්ලිමේන්තු කාමරයකදී

November 29, 2021

ඉකුත් සතියේ දිනක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර පාර්ලිමේන්තුව තුළදී එකිනෙකා විවේචනය කර ගැනීමේ අවස්ථාවන් දක්නට ලැබුණා.

එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී.ල.නි.ප සභාපති , හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන හා මහ ලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරුන් ඉකුත් සතියේ පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව හා ආණ්ඩුවේ ඇමතිවරුන් ඉලක්ක කොට දැඩි ප්‍රහාරයක් එල්ල කරා.

පොහොට්ටුවට ප්‍රතිචාර

ඒ පොදු ජන පෙරමුණ පාර්ශ්වයෙන් දිගින් දිගටම මෛත්‍රිපාල සිරිසේන මහතා ඉලක්ක කොට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් එල්ල වූ ප්‍රහාරයන්ට ප්‍රතිචාර ලෙස.

මෛත්‍රිපාල සිරිසේන මහතා විවේචනය කළ පිරිස අතර වත්මන් ජනපතිවරයා මෙන්ම ඇමතිවරුන්ද සිටිනවා.

ඊට පිළිතුරු දීම සඳහා ශ්‍රී.ල.නි.පය තීරණය කොට තිබෙන්නේ පාර්ලිමේන්තුව තුළම පැවති මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමකින් අනතුරුව බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එම සාකච්ඡාව පවත්වා තිබෙන්නේ නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ නිල කාමරයේදී.

ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම

ඊට ආණ්ඩුව තුළ සිටින ශ්‍රී.ල.නි.පය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 14 දෙනා එක්රැස් වී තිබෙනවා.

එහි පැවැති සාකච්ඡාවේදී විවිධ යෝජනා ඉදිරිපත් ව තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

එහිදී මුලින්ම යෝජනාවක් වී තිබෙන්නේ මෛත්‍රිපාල සිරිසේන හා මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ජනපති ධුරය දරද්දී වියදම් කළ මුදල් සංසන්දනය කොට සකස් කරන ලද නිවේදනයක් මාධ්‍යයට නිකුත් කිරීමටයි.

ඊට මහින්ද රාජපක්ෂ මහතා හෙලිකොප්ටර් ගමන් සඳහා වියදම් කළ තොරතුරු ඇතුලත් කිරීමටයි යෝජනා වී තිබෙන්නේ.

වගකීම මහ ලේකම්ට

එහෙත් මහින්ද රාජපක්ෂ මහතා පටලවා නිවේදනයක් නිකුත් කිරීමෙන් ශ්‍රී.ල.නි.පය පිළිබඳව රට තුළ අප්‍රසාදයක් ඇතිවිය හැකි බව යන මතයද එහිදී මතු වී තිබෙනවා.

ඒ අනුව අවසානයේ තීන්දු කර තිබෙන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතාට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාට පිළිතුරු දීමටයි.

එහි වගකීම පක්ෂ ලේකම් දයාසිරි ජයසේකර මහතාට එහිදී පවරා තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Monday, 29 November 2021 18:09