April 27, 2024

අද කාලගුණය : පහළ වායුගෝලයේ කැලඹීම තවදුරටත්

November 27, 2021

දිවයිනට නැගෙනහිර දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩුපීඩන තත්ත්වය පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවයක් දක්වා දුර්වල වී දිවයිනට ආසන්නයේ තවදුරටත් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිට හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා.

ඇතැම් ස්ථානවලට මී.මී 100ට වැඩි තද වැසි ද ඇති විය හැකි බව දන්වා තිබෙනවා.

උතුරු සහ උතුරු-මැද පළාත්වල ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර, දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගාන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර, ත්‍රිකුණාමලය, කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවලට නිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව සුළං හමන බව දැනුම් දී තිබෙනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං සමග මුහුද රළු විය හැකි අතර, අකුණු අනතුරු සිදුවිය හැකි අතර ඒවා වළක්වා ගැනීමට කටයුතු කරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

Rate this item
(0 votes)