April 27, 2024

ශ්‍රීලනිපය හා ආණ්ඩුව ගැටෙයි - මෛත්‍රි හා දයාසිරි ඇමති දෙපළකට දොස් කියයි (VIDEO)

November 25, 2021

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ආණ්ඩු පක්ෂයේම ඇමතිවරුන් දෙදෙනෙකුට පාර්ලිමේන්තුවේදී චෝදනා කළා.

ඒ හිටපු ජනපති , ශ්‍රී.ල.නි.ප සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන්.

ඇමතිවරු දෙදෙනෙක් නම් කරයි

ඒ ප්‍රශ්න දැන් අවසන් බව කතානායකවරයා සඳහන් කළද ජයසේකර මහතා එය ප්‍රතික්ෂේප කරමින් සිය මතය ප්‍රකාශ කළා.

ජයසේකර මහතා ඒ සම්බන්ධයෙන් නම කියාම ඇඟිල්ල දික් කරනු ලැබුවේ මහින්දානන්ද අලුත්ගමගේ හා රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන් වෙත.

අලුත්ගමගේ මහතා හිටපු ජනපතිගේ නිවාසය ගැන කලින් කිව්ව කතාව අවසන් කළත් ඊයේ (24) අබේගුණවර්ධන ඇමතිවරයා විසින් යළිත් මතු කළ බව පෙන්වා දුන් ජයසේකර මහතා ඔහු ඊයේ (24) යළිත් ප්‍රශ්නයක් ඇති කර ඇති බව සඳහන් කළා.

අලුත් ප්‍රශ්නය

ඒ මෛත්‍රීපාල සිරිසේන මහතා සිය වියදම් සඳහා රු. බිලියන 3.7ක් වෙන් කරගෙන තිබූ බවට බව සඳහන් කළ ජයසේකර මහතා ඒවාට කිසිවෙක් උත්තර නොදීම මේ ප්‍රශ්න වලට හේතුව බවයි පෙන්වා දුන්නේ.

කතානායකවරයා ජයසේකර මහතාගේ එම අදහස් ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ මීට පෙර ඒවාට අදාළ පාර්ශව විසින් උත්තර දී ඇති බවයි.

මේ අවස්ථාවේ සභාවේ ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.

එසේ කියා කතානායකවරයා අද (25) දිනට යෙදී ඇති වැඩ වැඩ කටයුතු වලට යොමු වීමට කටයුතු කලත් එය වළක්වමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නැගී සිටියා.

හිටපු ජනපතිගේ මැදිහත්වීම

එහිදී සිරිසේන මහතා සඳහන් කළේ ජයසේකර මහතා ඊයේ (24) කතා කිරීමට අවස්ථාව ඉල්ලුවේ පෙරේදා (23) තිබූ ශ්‍රී.ල.නි.ප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ ගත් තීන්දුවකට අනුව බවයි.

අලූත්ගමගේ අමාත්‍යවරයා දිගින් දිගටම ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම මතු කළ බවත් තමාත් ඊට දිගින් දිගටම පිළිතුරු දුන් බව සදහන් කළ සිරිසේන මහතා මීට දින දෙකකට පෙර ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය ගත් අවස්ථාවේ හිටපු ජනපතිවරයා වාහන 200ක් පාවිච්චි කළ බවත් ජනපති කාර්යාලය වියදම රු. බිලියන 3.5 ක වැනි ගානකුත් බව පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ කළ බව ප්‍රකාශ කරමින් ඊට පිළිතුරු දුන්නා.

වාහන කතාව සම්පූර්ණ අසත්‍යක් බවත් තමාට වෙන්කර තිබුණේ වාහන 4ක් බවත් සඳහන් කළ ජනපති වරයා මේවා තනිකරම මඩ ගැහිලි වැරදි දේවල් බවයි සඳහන් කළේ.

තමා ජනපති ලෙස සිටිද්දී ජනපති කාර්යාලය යටතේ ව්‍යාපෘතිය 7ක් ක්‍රියාත්මක වූ බව පෙන්වා දුන් හිටපු ජනපතිවරයා මේ වෙන විට ඒ කිසිවක් ක්‍රියාත්මක නොවන බවද සඳහන් කළා.

හිටපු ජනපතිවරයා එසේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති වල නම් ද සභාවට ඉදිරිපත් කලා.

සිරිසේන මහතා එසේ පිළිතුරු දුන්නේ 2020 ජනපති වැය හා තමාගේ ජනපති වැය පිළිබඳව සංසන්දනය කරමින් ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් ප්‍රකාශ කර තිබෙන බවද සඳහන් කරමින්.

ඒ අවස්ථාවේ සිරිසේන මහතාගේ සහායට සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් අදහස් පළ කළ අතර ඊට පිළිතුරු දෙමින් කතානායකවරයා එම පාර්ශ්වය අමතා සඳහන් කළේ බොර දියේ මාළු බාන්නේ නැතුව සිටින ලෙසටයි.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Friday, 26 November 2021 09:28