April 26, 2024

"මුන් බෞද්ධයෝද?" - හිමිවරුන්ගේ උද්ඝෝෂණයට කඩා වැදි පුද්ගලයෙක් බැන වදී (VIDEO)

November 08, 2021

මහජන යුතුකම් කේන්ද්‍රය සහ ගුරු අධ්‍යාපන විද්‍යා පීඨ ආචාර්ය සංගමය පාර්ලිමේන්තු වටරවුමේදී විරෝධතාවයක නිරත වුණේ ගුරු අධ්‍යාපන පීඨ විශ්වවිද්‍යාල බවට පත් කිරීම සම්බන්ධයෙන් ලබා දී ඇති පොරොන්දු මෙතෙක් ඉටු වී නොමැති බවට චෝදනා කරමින්.

අනතුරුව විරෝධතාකරුවන් පා ගමනින් අධ්‍යාපන අමාත්‍යාංශය දක්වා පැමිණි අතර අමාත්‍යාංශයේ ගේට්ටුව ඉබි යතුරු දමා වසා දමා තිබුනේ විරෝධතාකරුවන්ට අමාත්‍යාංශ පරිශ්‍රයට යා නොහැකි ආකාරයටයි.

පසුව ඔවුන් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට මාර්ගය සම්පුර්ණයෙන් අවහිර කරමින් විරෝධතාවයක නිරත වූ අතර ඒ හේතුවෙන් අද දහවල් රථ වාහන තදබදයක් ද ඇති වුණා.

ඒ අවස්ථාවේදී මාර්ග තදබදයට කොටු වී සිටි රියදුරන් බොහෝ දෙනෙකු උද්ඝෝෂණයේ නිරතව සිටි පිරිසට විරෝධය පළ කිරීමත් සමඟ ඇති වූයේ උණුසුම් තත්වයක්.

"මුන් බෞද්ධයෝද?" යනුවෙන් අයෙක් ඇසීමත් සමඟ උණුසුම් තත්වය තවත් වැඩි වුණා. එවිට උද්ඝෝෂණයේ නිරතව සිටි පිරිස සඳහන් කළේ හාමුදුරුවන්ට අත තියන්න එපා යනුවෙනුයි.

Rate this item
(0 votes)